Breaking News

Saturday, 17 July 2021

Selection of teachers to follow Teacher education courses at Teacher Training colleges 2021/2022 | ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම – 2021/2022

 Selection of teachers to follow Teacher education courses at Teacher Training colleges 2021/2022

 ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා ගුරුවරුන් තෝරා ගැනීම – 2021/2022

As per the circular No. 28/2016 issued by Ministry of Education, applications are called from Non Graduate untrained teachers who have fulfilled the qualifications for the academic year 2021/2022 to follow the courses at Teacher Training Colleges.

All the instructions on the above said have already been sent to the Zonal Education offices by now. Though the closing date given earlier was 27th April 2021, due to the prevailing current condition in the country the closing date is extended up to 20th July 2021.

 
Teachers/Teacher Assistants who have not yet completed the training, should send the applications prepared as per Circular No. 28/2016 to “Director of Education, Teacher Education Administration Branch, Ministry of Education, Isurupaya, Battaramulla” by registered post.

L. M. D Dharmasena,
Additional  Secretary – (School  Activity  Branch)

ධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කරන ලද චක්‍රලේඛ අංක 28/2016 අනුව 2021/2022 අධ්‍යයන වර්ෂය සඳහා සුදුසුකම් සපුරාලන උපාධිධාරි නොවන නුපුහුණු ගුරුවරුන්ගෙන් ගුරු විද්‍යාලයන්හි ගුරු අධ්‍යාපන පාඨමාලා හැදෑරීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ.

මේ සඳහා අවශ්‍ය උපදෙස් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත මේ වන විටත් දන්වා යවා ඇත.මේ සම්බන්ධයෙන් අයදුම්පත් යොමු කිරිමේ අවසාන දිනය ලෙස 2021 අප්‍රේල් 27 දින සදහන් කලද පවතින තත්වය හමුවේ අයදුම්පත් කැදවන අවසාන දිනය 2021 ජූලී මස 20 දින දක්වා දීර්ඝ කරනු ලැබේ.

මෙතෙක් විධිමත් පුහුණුව සම්පුර්ණ නොකළ ගුරුවරුන් / ගුරු සහායකවරුන්, චක්‍රලේඛ අංක 28/2016  අනුව සකසා ගත් අයදුම්පත් “අධ්‍යාපන අධ්‍යක්ෂ, ගුරු අධ්‍යාපන පරිපාලන ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, බත්තරමුල්ල” යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කළ යුතු ය.

 

එල්.එම්.ඩී.ධර්මසේන


1 comment: